ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ ආපදා පෙරහුරු වැඩසටන් 40ක් එකම දිනයක

    නොවැම්බර් 03, 2018

    පවතින කාලගුණික තත්ත්වය සහ දේශගුණික තත්ත්වයද ඊශාන දිග මෝසම් කාලගුණය හේතුකොට ඇතිවිය හැකි ආපදාවන් අවම කරගැනීම හා ඒ සදහා පෙර සුදානම් විමේ අරමුණින් ඇතිව මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස 08ක් ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි වසම් 40 ආපදා පෙර පුහුණු වැඩසටහන් 40 ක්‍රියාත්මක කිරීමට මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කොට තිබේ.

    දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි නොවැම්බර් මස 04 වෙනි දින රත්තොට, උකුවෙල, මාතලේ, පල්ලේපොල, යටවත්ත, අඹන්ගග, දඹුල්ල හා විල්ගමුව යන ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම ආපදා පෙරහුරු වැඩසටහන පැවැත්වේ.

    මෙම පෙරහුරු වැඩසටහන් සදහා ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, සංවර්ධන නිලධාරින් , කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් , මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් හා අදාල කොට්ඨාසවල පදිංචිකරුවන් සහභාගි වීමට නියමිතය.

    DMU/Matale

    මෙම පෙරහුරු වැඩසටහන් වලට සමගාමිව අදාල ප්‍රාදේශීය ලේකම්
    කාර්යාල සහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසද
    පෙරහුරුවට එකතුවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya