ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    දකුණු මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියට නාවික හමුදාව එක්වෙයි

    නොවැම්බර් 05, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ රූමස්සල අවට මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ දැනුමින් සහ ‘ඉන්සි’ සිමේන්ති සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

    තවද, නාවික හමුදා කිමිදුම් අංශය මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කිමිදුම් සහය ලබා දෙනු ලබයි.

    ඒ අනුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ මඟපෙන්විම යටතේ දකුණු නාවික විධානට අනුයුක්ත කිමිදුම් හා ගලවා ගැනිමේ ඒකකය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා සිය දායකත්වය සැපයිමට කටයුතු කරනු ලබයි.

    මෙහි සමාරම්භක උත්සවය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්, සෝමරත්න විදානපතිරන මහතා, ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති, චන්දන අලහකෝන් මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ පුහුණු විධායක සහ අණදෙන නිලධාරි, කපිතාන් (කිමිදුම්) සංජිව පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්ෂිණ’ ආයතනයෙහි අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (අවි) රොෂාන් මුදලිගම මහතා ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.

    SLNavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya