ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    දරුවන්ගේ අයිතිය පිටරට විකුණා දමා, බදු බරින් ජනතාව පීඩාවට පත් කර රට අයුතුලෙස පාලනය කළ නිසා ඉන් මුදවා ගැනීමට කටයුතු කළා

    නොවැම්බර් 06, 2018

    දරුවන්ගේ අයිතිය පිටරට විකුණා දානවා බලාඉන්න බැරි නිසා  බදු බරින් ජනතාව පීඩාවට පත් කර රට අයුතුලෙස පාලනය කළ නිසා ඉන් ජනතාව මුදවා ගැනීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,ඊයේ (05) පාර්ලිමේන්තු වට රවුමේ පැවැති රටම රකින ජන මහිමය 113+ දැවැන්ත ඓතිහාසික ජන රැළිය අමතමිනි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර තුනකුත් මාස දහයකට වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කර ඔහුව පරාජය කර නැවත මේ එක්වීමට ගත් ඓතිහාසික තීන්දුවට ගරුකරන බව අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    අප බඩු මිල,තෙල් මිල අඩු කළා ද නැද්ද? එය අප එක දවසින් කළා. ඒ අයටත් කරන්න තිබුණා. ජනතාව පීඩාවට පත් වුණත් ඒ අයට සැප විදීම වුවමනා වුණා. ඒ නිසා ජනතාව මතට පීඩනය දැම්මා.රට ජාතිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් ඒ වගකිවයුතු තීන්දුවට සියලු දෙනාගේම උපහාරය හිමිවෙන බවද අගමැතිවරයා කියා සිටියේය.

    තමා ජනාධිපතිවරයා සමඟ එක්වුයේ ජනතාව වෙනුවෙන් බවත්, ජනතා අයිතියත් නුපන් දරුවාගේ අයිතියත් විදේශයන්ට විකුණාදමනු බලා සිටිය නොහැකි නිසා යැයිද අගමැතිවරයා කියා සිටියේය. තාවකාලික වෙන්වී සිටි අපේ එක්වීම අරුමයක් නොවන බවත් කේලම්වලින් ආපසු කෙටවීමට, වෙන් කිරීමට ඉඩ නොතබන ස්ථාවරයට පැමිණ ඇති බවද කියා සිටියේය.

    සුළු ජාතීන් අපත් සමඟ අත්වැල් බැදගනිමින් ඔවුන්ගේ මිනිසුන් වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආණ්ඩුවත් සමඟ කටයුතු කිරීමට එම පක්ෂ තීන්දුවක් ගත යුතු යැයිද වැඩිදුරටත් කියා සිටියේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya