අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යාංශවල කටයුතු අඩාල වී තිබේදැයි විමසූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ,කිසිම අමාත්‍යාංශයක කටයුතු අඩාලවීමක් සිදුව නොමැති බවය.
හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් රාජ්‍ය සේවකයින් වෙත නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
''කඩකප්පල් ක්‍රියා කරන්න එපා.රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි ලිපියක් යැවීමෙන් වැරදි පණිවුඩයක් යනවා.මෙවැනි දෙයින් රාජ්‍ය සේවකයින් පොළොඹවාලන්න බෑ. මේ ලිපිය ප්‍රතික්ෂේප කරනවා.'' යැයි පැවසී ය.