සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියක වන වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබේ. ඒ මහත්මිය අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා ය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.