ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    නිල් ගං තෙර සොඳුරු සුයාමය රසවින්දනාත්මක වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

    නොවැම්බර් 09, 2018

    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නංවන ලද ‘නිල් ගං තෙර සොඳුරු සුයාමය‘ රසවින්දනාත්මක වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරුම මාතර දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් (07) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගායේ දී පැවැත්විණි.

    ඒකාකාරී ජීවන රටාවකට හුරුවී සිටින රාජ්‍ය නිලධාරියා රාජකාරි සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් චිත්ත සන්තානය සුඛී සුවපත් භාවයට පත් කිරීම අරමුණු කර ගනිමින් මෙම රසවින්දනාත්මක වැඩසටහන් මාලාව සංවිධානය කරන ලදි.

    ගායන, වාදන, නර්තන හා නට්‍ය ඇතුළු අංග ප්‍රත්‍යංග රැසකින් සමන්විත විය. නවක උපාධිධාරී අභ්‍යාසලාභීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් මෙහි ඉදිරිපත් කිරීම් සිදු කළහ.

    ‘නිල් ගං තෙර සොඳුරු සුයාමය‘ සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් දායක වූ අතර සංගීත විශාරද නුරාන් ලියනගේ මහතා සංගීතයෙන් ද, ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී සංගීත විශාරද නිශාන්ත පෙරේරා මහතා කථනයෙන් ද දායක වුහ. මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එන්.කේ.ආර්.පතිරණ මහතා ඇතුළු නිලධාරීන් 300 ට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිල් ගං තෙර සොඳුරු සුයාමය සංවිධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya