ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුව ඉදිරියට යනවා- පසුගිය කලයේ අපේ රට ගැන වැරදි චිත්‍රයක් දුන්නා - ආයෝජකයන්ට අද විශ්වාසයක් ඇති වෙලා

    නොවැම්බර් 09, 2018

    ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා. පසුගිය කලයේ ලෝකයට අපේ රට ගැන වැරදි චිත්‍රයක් දුන්නා. ආයෝජකයන් බය වුණා. ආයෝජකයන්ට අද  විශ්වාසයක් ඇති වී තිබෙනවා''යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්.බී. දිසානායක මහතා  පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    තවදුරටත් මාධ්‍ය හමුව ඇමතූ අමාත්‍යවරයා,

    අලුත් රජය තුළ එකට යන්න පුළුවන් පිරිසක් සමඟ ආණ්ඩුවක් සැදීමේ අවසන් අදියරේ සිටින්නේ.රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා විශාල සටහන යෙදෙනවා පක්ෂ නායකත්වය හා විපක්ෂ නයකත්වය
    රැකගැනීමට. නායකත්වය රැකගැනීමේ අර්බුදයක සිටින්නේ.

    දැනටත් අපි තමයි බහුතරය. අපිට විශ්වාසයක් තිබෙනවා, මුස්ලිම් පක්ෂ දෙක එකතු වෙයි කියලා. බහුතරය පිළිබඳ අපට ප්‍රශ්නයක් නෑ.120න් එහාට ගෙන යන්න පුළුවන්. කතානායකතුමාට ආයචනය කරන්න කැමැතියි, කතානයකතුමාගේ නාමය කැළල් කරගන්නේ නැතිව පාර්ලිමේන්තු සම්ප්‍රධාය ගරුකරමින් 14 වැනිදා හසිරෙන්න කියලා.ව්‍යවස්ථා විරෝධී කටයුතු කරන්න එපා.

    ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා.හිතමතා ප්‍රමද කළ පළාත් සභා ඡන්දය රනිල් පුළුවන්තරම් ඉක්මනින් තියන්න බලාපොරොත්තු වෙනවා, ඉක්මනින් පළාත් සභා ඡන්දය තියනවා. ඉන් පස්සේ ජනාධිපතිවරණය තියනවා. පුළුල්  සන්ධානයක් හදන්න බලාපොරොත්තු වෙනවා. 2020 සැප්තැම්බර් වලින් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට  යන්නේ. මේ ආණ්ඩුව එක විදියට කිට්ටු දැක්මකින් සමන්විත කණ්ඩායමකින් ගොඩ නැඟුණු ආණ්ඩුවක්. පසුගිය  කලයේ ලෝකයට අපේ රට ගැන වැරදි චිත්‍රයක් දුන්නා.

     

    ආයෝජකයන් බය වුණා.ඔවුන් අර්ජුන් මහේන්ද්‍රව රැක්කා. මේ රජය මඟින් එක පැත්තකට රට ගෙන යන්න  පුළුවන්.මෙ ගැන ආයෝජකයන්ට අද විශ්වාසයක් ඇති වී තිබෙනවා. තාවකාලික පරිපූරක ඇස්තමෙන්තුවක් එයි.

    ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියාට යයි. ජනතා සිහිනයක් අප ඉටු කළා.  ව්‍යවස්ථාමය අර්බුදයක් නෑ. ව්‍යවස්ථානුකූලව සියලු කටයුතු කර තිබෙනවා.දේශපාලන ප්‍රශ්නයක් නෑ .අපි 14 දින පාර්ලිමේන්තුව යන්නේ 113 අරගෙනයි ''යැයි ද අමාත්‍යවරයා පැවසි ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya