අමාත්‍යවරයා අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.
තවදුරටත් මාධ්‍ය හමුව ඇමතූ අමාත්‍යවරයා,
රුපියල ශක්තිමත් කිරීමට වගකීම පැවරෙන්නේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යාංශයටයි. රටේ හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමේ වගකීම පැවරෙන්නෙත් මෙම අමාත්‍යාංශයටයි. මෙය වගකීම් සහිත අමාත්‍යාංශයක්. මෙම වගකීම මාම දරන්නේ වෙනස් දැක්මකින්. මේ අමාත්‍යාංශය මෙහෙයවීය යුත්තේ, දේශීය සම්පත් හා දේශීය මිනිසුන් රකිමින්. අධ්‍යයනයකින් තොරව, පලිගැනීමේ චේතනාවෙන්, එකවර නැවැත්වීම, විසි කිරීම කරන්න සූදනමක් නෑ.
දේශීය ආයෝජකයින් පුද්ගලික අංශයේ විශාල ආයෝජනයක් සිදු කරනවා. පසුගිය රජය සුපිරි වාසි බද්දක් පැනෙව්වා. බිලියන 50ක් රජය පික් පොකට් ගැහුවා. මූල්‍ය අපරාධ කොට්ඨාශයක් හදලා, දේශීය
ව්‍යවසායකයෝ,ව්‍යාපාරික මහත්වරු බංකු උඩ වාඩි කරල, දින ගණන් ප්‍රශන් කළා. එදා බදු දඬයමක් කළා. මට මේ සියල්ල ගැන පුළුල් මනසකින් බලන්න සිදු වී තිබෙනවා. රට සංවර්ධනයට ආයෝජනය වැඩි කරන්න ඕන'' යැයි ද අමාත්‍යවරයා පැවසී ය.