අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(9) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
ජේ. ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ වැනි හිටපු ජනාධිපතිවරුන් වගේම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේත් මෙවැනි පාර්ලිමේන්තු කල් තැබීම් සිදු වී ඇති බව අමාත්‍යවරයා පැවසී ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එකවර මාස 02ක් වුවද පාර්ලිමේන්තුව කල් තැබීමේ හැකියාව තිබුණද ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස තම බලය පාවිච්චි කර නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ කතානායකට ඔහුගේ මතය හෝ ප්‍රකාශ කළ නොහැකි බව පැවසූ නිමල් සිරිපාලද අමාත්‍යවරයා, කතානායක යනු ස්වාධීන පුද්ගලයෙක් වන අතර අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීමට ඔහුට හැකියාවක් නොමැති බව ද පැවසීය.
මේ මස 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වීමේ න්‍යය පත්‍රය කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් වරාය සහ නාවික කටයුතු අමාත්‍ය සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, ව්‍යවස්ථානුකූලව එදිනට උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුව රැස් වන බවත් එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ මූලාසනය ජනාධිපතිතුමා විසින් හොබවන බවත්ය.