ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ ස්වාධීන විගණනයක් සිදු කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

    නොවැම්බර් 09, 2018

    ''සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පුර්ණ ස්වාධීන විගණනයක් සිදුකර ඉන් පසු වැඩ ආරම්භ කරමු'' යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා එසේ පැවසුවේ අද (09) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසු පැමිණි සිටි පිරිස අමතමිනි. 

    අමාත්‍යවරයා එහිදී මෙසේ ද පැවසීය.

    මම සාමාන්‍යයයෙන් තනතුරු හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. තියෙන තනතුරත් අතහරින කෙනෙක්. කෙසේ වෙතත් මේ අවස්ථාව අනුව ලබා දුන් මෙම තනතුර ප්‍රතික්‍ෂේප කිරීමට මට හැකියාවක් තිබුනේ නැහැ. තමුන්නාන්සේලා වර්තමාන තත්ත්වය දන්නවා. මේ තත්ත්වය ගැන මම කථා කරන්න යන්නේ නැහැ. රටේ යහපතටත්, ජනතාවගේ යහපතටත් ජනාධිපතිතුමාට මේ තීරණය ගැනීමට සිදුවුනා. ඒ අනුව අපිට ලොකු වගකීමක් පැවරී තියෙනවා.

    මේ ස්ථානයට මම අවේ ජනතා සේවකයෙක් හැටියට. අපි ඔබ සැම දනොම ජනතාවගේ සේවකයෝ. ජනතාව අපෙන් විශාල සේවයක් බලාපොරොත්තුවෙනවා. හිටපු අමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබදව විශේෂ ප්‍රකාශයකුත් කළා. නව ලේකම්තුමියත් මෙම සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබදව මනා දැනුමක්,අවබෝධයක් ඇති නිළධාරිණියක්. කාගේවත් කේලාම් හා ඕපාදුප අහන්නේ නැතිව යතාර්ථවාදීව අපිට ඉදිරියට වැඩ කරන්න පුල්වන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.මම ලේකම්තුමියගෙන් ඉල්ලා සිටිනවා, අපි අමාත්‍යාංශයේ සම්පුර්ණ ස්වාධීන විගණනයක් කරමු කියන එක. ඉන් පසුව අපි වැඩ ආරම්භ කරමු යැයි අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya