ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ලංකාවේ ගොවීන්ගේ අස්වැන්නේ මිලියන දාහත් දහස් පන්සියක පසු අස්වනු හානියක් සිදු වෙනවා - කෘෂිකර්ම අමාත්‍ය

    නොවැම්බර් 10, 2018

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ උද්ගතව ඇති ප්‍රධානතම ගැටළුවක් වී ඇත්තේ පසු අස්වනු හානි ඉහල යාම බව කෘෂිකරම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ලංකාවේ පසු අස්වනු හානිය සම්බන්ධයෙන් 2016 වර්ෂයේ චින රජයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ සමීක්ෂණයකින් ඒ බව තහවුරු කොට ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී. චීන රජයේ පර්යේෂණ කණ්ඩායම සිදු කළ පර්යේෂණයට අනුව ලංකාවේ ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයේ දී වසරකට රුපියල් මිලියන 17500 ක පසු අස්වනු හානි සිදුව ඇති බව පෙන්වා දී තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (09) මහනුවර කුණ්ඩසාලයේ කෘෂිකර්ම විද්‍යාලයේ පැවැති ඩිප්ලෝමා ප්‍රදානය කිරිමේ උත්සව අවස්ථාවකට එක් වෙමිනි. මෙම අවස්ථාවේ දී කුණ්ඩසාලය, පැල්වෙහෙර, අගුණකොළපැලැස්ස, කරපිංච,සහ වවුනියාව කෘෂිකර්ම විද්‍යලවල පුහුණූව ලැබූ ඩිප්ලෝමාධාරින් 267 දෙනකුට සහතික පිරිනැමීම සිදු කරන ලදී.

    මෙම ප්‍රධාන ගැටළුවට අමතරව කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති තවත් ගැටළුවක් බවට පත්ව ඇත්තේ වන සත්ව හානියයි. වන සත්ව හානිය නිසා එක් වර්ෂයකට ගොවි නිෂ්පාදන වලින් 30% කට අධික ප්‍රමාණයක් හානි වන බව පැවසූ අමාත්‍යවරයා මෙම ගැටළු සදහා විසදුම් සපයා ගෙන ගොවි නිෂ්පාදන සදහා සාධාරණ මිළක් ලබා දීමට හැකියාව ඇත්නම් කෘෂිකර්මාන්තය කෙරෙහි ගොවි ජනතාව ආකර්ෂනය කර ගත හැකි බව පෙන්වා දෙන ලදී.

    ගොවි නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපලක් ලබා දීමට නම් කෘෂි නිෂ්පාදන අපනයනය වැඩි කොට ආනයනය සීමා කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය වසරේ දී පමණක් ඉන්දියාවෙන් මිරිස් ආනයනය කිරිම සඳහා රුපියල් මිලියන 13 ක් වැය කර ඇති බව පැවසීය.

    ලංකාවේ මිරිස් වගාව පහසුවෙන් සිදු කළ හැකි පරිසරයක් තිබියදී එවැනි මුදලක් වැය කිරීම විදේශ විනිමය අපතේ යැවීමක් බවද අමාත්‍යවරයා පැවසීය. කෘෂිකර්මාන්තයේ පවතින මෙම තත්වයන් වෙනස් කොට ගොවි ජනතාව බල ගැන්වීමට නව රජය ගොවීන් සඳහා සහන ලබා දිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට කෘෂීකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර ,කෘෂීකර්ම රාජ්‍ය අමත්‍යාංශයේ ලේකම් බන්දුලසේන , කෘෂීකර්ම අධ්‍යක්ෂ ජනරාල් එම්.ඩබ්. එම් වීරකෝන් යන මහත්වරුන් සහ කෘෂි විද්‍යාලවල විදුහල්පත්වරු ඇතුළු කෘෂිකර්ම අංශවල අනෙකුත් නිලධාරින් රැසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya