අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති රජයේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.
එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,
දේශපාලඥයෙක් රටේ ස්වාභාවය නොතකා කටයුතු කරන්නේ නම් ජනතාව ඒ පිළිබඳව තීරණයක් ගත යුතුයි. පාර්ලිමේන්තුවයි විධායකයයි එකට ඉදිරියට වැඩ කරන්න බැරිනම් පාලකයාට මෙවැනි තීරණ ගැනීමේ බලතල ලැබී තිබෙනවා.රට ඉදිරියට යා නොහැකි ලෙස හිරවීමක් තිබෙනවා නම් ජනාධිපතිට නෛසර්ගික බලයක් යෙදවීමට හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට කිසිදු අපහැදිළිතාවයක් ව්‍යවස්ථාවේ තිබුණේ නෑ. ඒ නිසා යෑමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.