අමාත්‍යවරයා මේ බව අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මේ ප්‍රශ්නය ඇති වුණේ ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඇති වූ මතභේදයක් මුල් කරගෙනයි. ව්‍යවස්ථාදායකයේ කතානායකවරයාට තිබෙන්නේ සීමිත බලතලයි. ඉතාම පැහැදිළියි, කතානායකවරයා පක්ෂභේදයෙන් තොරව පත් කර තිබෙන්නේ. කතානායකවරයාගේ හැසිරීමෙන් අප බලන්නේ මධ්‍යස්ථභායයි. පාර්ලිමේන්තුවේ පළමු දිනයේ ක්‍රියාපටිපාටිය අනුව ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සභාවට ඉදිරිපත් කරන්නයි තිබුණේ. එය තියෙද්දි, කිසිම සම්ප්‍රදායික අයිතියක් නොමැතිව කතානායකවරයා ප්‍රකාශයක් කරනවා, ඡන්දයක් ගන්නවා කියලා. එඑවැනි තීන්දුවක් ගන්න කිසිම අයිතියක් නෑ.සම්ප්‍රදායිකව අයිතියක් නෑ. ව්‍යවස්ථාදායකය තුළින් බලතල ලබාගන්න පුළුවන් කතානායකවරයාට නොවෙයි, කැබිනට් මණ්ඩලයි ව්‍යවස්ථාදායකයයි, විධයකයයි අතර සම්බන්ධය ඇති කරන්නේ.
ව්‍යවස්ථාදායකයයි,විධායකයයි අතර ගැටුමක් ඇති වුණාම,එයට විසඳුම් තිබෙනවා.ජනාධිපතිතුමාගේ විසඳුම ලබාදී තිබෙනවා. නැතිනම් පාර්ලිමේන්තු ඉතිහාසයේ ශෝචනීය තත්ත්වයක් ඇතිවෙන්නට තිබුණා. ජනාධිපතිතුමාට මැදිහත් වෙන්නට සිදු වුණා.
විධායකයයි ව්‍යවස්ථාදායකය ගැටෙනවා නම් සෛවරීභාවය ලබාදෙන මූලික බලවේගය වන ජනතාව වෙත යා යුතුයි.ව්‍යවස්ථාදායකය ,විධයකය යන සියල්ලෙන් නිරූපනය වන්නේ ජනතාවගේ සෛවරීභාවයයි. හැමෝගේම හාම්පුතා ජනතාවයි. කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකියි ජනතාව අමතන එක වැරදියි කියලා.
කතානායකතුමා තනාපතිවරු ගෙන්වා සාකච්ඡා කිරීම විනය විරෝධියි. කතනායකවරයාට තිබෙන්නේ පාර්ලිමේන්තුව හැසිරවීමටයි. කතානායකවරයා කාර්යභාරය තිබෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ විතරයි. ගැටුමකට යන්න තිබුණු අවස්ථාවක ජනාධිපතිතුමා තීරණය අරගත්තා. ජනතාවගෙන් විමසන එක අත්‍යන්තයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්.ඡන්දයේ දී විනිශ්චයක් දෙයි කවුද ඉදිරියට යන්නේ කියලා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.