අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ පැවසී ය.
ඒ නිසාම එතුම ජාතික රජයක් බිහි කිරීමේ කාර්යභාරයට අත දුන්නේ.නැත්නම් ඕන කෙනෙකුට ඕන දෙයක් කරගන්න කියලා,පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වෙලාවක,අයාලේ යන්න තිබුණා නම් එය එතුමාගේ වගකීම නොවේ.ඒ නිසයි අපිත් ඒ රජයට එකතු වුණේ.
පාර්ලිමේන්තුවේ කතානයකවරයා තමන්ට නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් කටයුතු කරල,අරාජික තත්ත්වයකට පත් කිරීමට හදන අවස්ථාවේ දී විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර ගැටීමක් ඇතිවෙලා, රට
අස්ථාවර බව පැහැදිළිව පෙනෙන අවස්ථවක දී රටේ ජනතවගේ අඳහස අනුව ජනතාව කියා තිබුණෙත් ඉක්මන් ජාතික මැතිවරණයක් පැවැත්වීමෙන් තමයි මේ ගැටුම් නිරාකරණය කරන්න පුළුවන් කියලා. ඒ පිළිබඳව දේශපාලන දෘෂ්ටිකෝණයකින් බලන්නේ නැතිව මේ ගැන නිවැරැදිව කල්පනා කරන අය මේ මතය තහවුරු කරයි. මේ තත්ත්වය සමනය කරල, ප්‍රජාතන්ත්‍රවාදයත්, යහපාලනයත් ස්ථාපිත කිරීම සහ ස්ථවර රජයක් පිහිටුවීම සඳහා ජනතා පරමධිපත්‍ය ක්‍රියාත්මක කරවීමට අවස්ථාවක් සළසා දීම ප්‍රජතන්ත්‍රවාදයයි යැයි ද අමාත්‍යවරය පැවසී ය.