ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවට තමන් කැමැති තීරණයක් ගැනීමට ඉඩ දිය යුතුයි

    නොවැම්බර් 11, 2018

    රටේ මැතිවරණයක් තියලා, මේ රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවට තමන් කැමැති තීරණයක් ගැනීමට ඉඩ දිය යුතුයි. ප්‍රශ්නය නිරාකරණය කිරීමේ බලය ජනතාවට ලබාදිය යුතුයි යැයි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    අමාත්‍යවරයා ඊයේ (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.

    එක එක කල්ලි කණ්ඩායම් වලට විවිධ සංතෝසම් ලබාදෙමින් මේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට 225කට විසඳාගැනීමට බැරි ප්‍රශ්නය මේ රටේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාණුකූලව මේ රටේ ඡන්ද දායක ජනතාවට බාර දී තිබෙනවා,''මේ ගැටුම ඉවර කරමු'' කියලා. ඒක ඉතාම නීත්‍යාණුකූලයි.19 වැනි සංශෝධනයෙන් ගෙන තිබෙන ප්‍රතිපාදන අනුවමයි ජනාධිපතිතුමා මේ විසුරුවා හැරීම කර තිබෙන්නේ. ලංසුවලට මරු වන 225කට රට බාර දීලා රට තව දුරටත් අවුලකට යන්න ඉඩ දෙනවද?

    අගමැතිවරය කවුද කියලා තීරණය කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. අවුල් සහගත ස්වභාවය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී සමතයකට පත් කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, මේ රටේ ඡන්දදායකයින්ගේ අතට මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට බාර දුන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya