ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ වූ අතර, දේශීය ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කැලුම් විජේරත්න මහතාද එක්ව සිටියහ.
මෙහිදි අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා “ ඔබ ලාභාංශය ගැන කල්පනා කරන විට අපි රජයක් විදියට පාරිභෝගිකයන්ගේ අයිතින් ගැන කල්පනා කරනව. බදු ප්‍රතිපත්ති කම්කරු නීති පාරිභොගික අයිතින් අපි කල්පනා කරනවා. රජය සහ ව්‍යාපාරික ඔබ අතර තියෙන්නෙ සම්බන්ධීකරණය කිරමේ රටාවක්. බදු ආදායම් රටේ සමස්ථ පොදු සේවාවන් නඩත්තුවට යොදවනව.සියල්ල ලාබය මත තිරණය නොවෙයි. පාරිභෝගියකන්ගෙ පාර්ශවයෙන් වියදම් ගෙවිම් තිරණය කල යුතුයි.ඔවුන් තමයි සියල්ලගේම ඉලක්කය“යැයි පැවසීය
මෙම වැඩසටහනේ අරමුණ ව්‍යවසායකයින් ගේ නෛතික දැනුම සංවර්ධනය කොට විදිමත් වෙලපොලක් හදුන්වා දිමයි.
DMU/Galle