ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    බුද්ධ ශාසන ඇමැති අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහ නායක හිමිවරු බැහැදකිති

    නොවැම්බර් 15, 2018

    බුද්ධ ශාසන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහනුවරට පැමිණ අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහ නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේ ය.

    අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පෙමසිරි ස්වාමීන් වහන්සේද බැහැ දකින ලදී.

    බුද්ධ ශාසන අමාත්‍යධුරය ලැබීමෙන් පසු ගම්මන්පිල මහතා මහා නායක ස්වාමීන්වහන්සේලා බැහැදැකීමට පැමිණි පලමු අවස්ථාව ලෙස මෙය සදහන් කළ හැකිය.  බුද්ධ ශාසන අමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමිපානන් වහන්සේ සහ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද  ගත්තේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya