අමාත්‍යවරු මේ බව ප්‍රකාශ කළේ අද (16) පාර්ලිමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා-
ස්ථාවර නියෝගවල වැඩපිළිවෙලක් තිබෙනවා. මේ කාරණය ජනාධිපතිතුමා අවධාරණය කලේ. අණ්ඩුවක අගමැතිවරයෙක් ඇතුළු සියලු පත් කිරීමේ වගකීම තිබෙන්නේ ජනපතිටයි. එය බාර ගැනීම පාර්ලිමේන්තුවේ වගකීමයි. එය කතානයකවරයා පළමුවෙන් පිළිගත යුතුයි. ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගය ගේන්න න්‍යාය පත්‍රයට ගෙනැල්ලා, නිවැරැදි ලෙස ඡන්ද විමසීම කරන්න. පාර්ලිමේන්තුවේ බහුතරය වෙනම කතාවක්.පාර්ලිමේන්තුව වගකීම් ගැන කල්පනා කළ යුතුයි. අධිකරණය අද යම් යෝජනාව පිළිබඳව ක්‍රියාකරගෙන යනවා. අපි ගෞරවයෙන් ඉල්ලනවා ,කතානායකවරයාගෙන් නිලධාරී පාර්ලිමේන්තු මහලේකම් ප්‍රධාන තුන්දෙනාගෙන් අඳහස් අරගන්න.ඉතිහාසයේ කතානායකවරු ක්‍රියකළ මෙන් මේ ක්‍රියාදාමය ගෙන යන්න.
ආණ්ඩුව පළමුව පිළිගන්න. ඉන් පසුව ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න.
අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම දවසක කතානයකවරයෙක් කටයුතු නොකළ ආකාරයට කතනායකවරයා හැසිරෙන්නේ. එතුමා පිළිගන්නේ නැත්නම් අග්‍රාමාත්‍ය වරයා එසේනම් විශ්වාසභංග යෝජනාවක් ගේන්නේ කොහොමද?
කිසිවෙක් සහතික නොකළ ලිපියක් පිළිගත නොහැකි බව ජනාධිපතිතුමා කියා තිබෙනවා. කතාවකට ඡන්ද විමසීමක් කර තිබෙනවා ද පාර්ලිමේන්තු ඉතිහාසයේ .එය නිතිවිරෝධියි.ඊයේ සවස විපක්ෂයේ
පක්ෂ නයක සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වුණා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කරන්න,ස්ථාවර නියෝගවල ක්‍රමවේදයක් තිබෙනවා. තමන්ට වාසිදායක ලෙස කටකතා පැතිරවීමේ සුපුරුදු වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. සභාව මෙහෙවලා, සභාව යතාවත් කරන්න කියලා කතානායකතුමාට කියනවා.පක්ෂග්‍රාහීව ව්‍යවස්ථාව කඩකරමින් කටයුතු කරන්න එපා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
ආණ්ඩුපක්ෂය වෙනුවෙන් ඉල්ලනවා.මන්ත්‍රී වෙස් ගත් මදාවියගෙන් පාර්ලිමේන්තුව රැක ගන්න.එය දේශපාලන සෞඛ්‍යයට හිතකර කාරණයක් නොවේ.මේ අර්බුදය නිර්මාණය කළේ අවිධිමත්ව පාර්ලිමේන්තුවේ සම්මත කළ 19 වැනි ආන්ඩ්ක්‍රම ව්‍යවස්ථ සංශෝධයයි.වෛරි හැගීමෙන් හැදුවේ.බොහෝ හිදැස් නිර්මාණය වුණා.
අතුරු තහනම් නියෝගයක් පමණයි ලබාදී තිබෙන්නේ. ඇයි එම තීන්දුව එනකම් ඉන්න බැරි. මොකක්ද තිබෙන කලබලය.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අවනත විය යුතුයි. එතෙක් මෙඋඉ රට ලේවිලක් නොකර පර්ලිමේන්තුව අස්ථාවර නොකාරන ලෙස ඉල්ලීමක් කරනවා.මහින්ද මහත්තයා අග්‍රමාත්‍යවරයා පත් කිරීම පිටුපස තිබුණේ බහුතරයේ ප්‍රශ්නයක් නොවේ. කාමරයක හඳින් සියලු දේ තීරණය කරන්න බෑ. හඬ නොවෙයි තීරණාත්මක සාධකය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා
පසුගිය පැය 24 තුළ පාර්ලිමේන්තුව ඇති වූ ප්‍රශ්නය ගැන රට වියවුල්තාවයට පත් වී තිබෙනවා. කැලැපත්තරයක් වගේ අගමැතිවරයාට විරුද්ධ යෝජනාව ගෙනැල්ල.නීතිපතිවරයාගේ උපදෙස්
ගන්නේ නෑ.
අමාත්‍ය එස්.බී.දිසානායක
පාර්ලිමේන්තු කාර්යපටිපාටි කමිටුවේ දීර්ඝ ලෙස කටයුතු කළා. අවසනාවන්ත තත්ත්වයක් තිබෙන්නේ. අදත් සුපුරුදු ලෙස හැසිරෙන බව පේන්න තිබෙන්නේ.නැවතත් ස්ථාවර නියෝග අත් හිටුවල, අගමැති තුමට හා ආණ්ඩුවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කරලා, අදම එය සම්මත කරගැනීමේ උත්සාහයක යෙදෙනවා