පාර්ලිමේන්තුව අද (16) ප.ව.1.30ට ආරම්භ වීමට නියමිතව තිබූ අතර පාර්ලිමේන්තු සභාගර්භය මධ්‍යයේ විරෝධතා ඇති වී ම නිසා කතානායකවරයා සභාවට පැමිණ සිටියේ නැත.
පසුව දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ කතානායකවරයා සෙන්කෝලය සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි පැති දොරටුවකින් සභාවට ඇතුළු විය. ඒ සමඟ පාර්ලිමේන්තුවේ දැඩි ගැටුම්කාරි තත්ත්වයක් උද්ගත විය.