ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ජාතික කිරි ගොවි සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

    නොවැම්බර් 17, 2018

    කිරි ඉතිරෙන රටක් සඳහා දේශීය කිරි ගොවියා බල ගන්වන ශ‍්‍රී ලංකාවේ පළමු ජාතික කිරි ගොවි සමුළුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (16) පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

    මිල්කෝ කිරි ගොවි සමාජ ආරක්ෂක අරමුදලේ ප‍්‍රතිලාභ ප‍්‍රදානය සහ ගොවි දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත්ව සිදු විය.
    වස විස නැති කිරි ජාතික වැඩසටහන යටතේ මිල්කෝ නවතම නිෂ්පාදනයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරුණු අතර එහි පළමු නිෂ්පාදනය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
    නව නිෂ්පාදනය මිලදී ගත් අලෙවි නියෝජිතයන් වෙත හිමිකම්පත් ප‍්‍රදානය කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ජාතික කිරී ගොවි සමුළුවට සහභාගීවීම නිමිත්තෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි, වයඹ පළාත් හිටපු අමාත්‍ය සුමල් තිසේරා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න, මිල්කෝ ආයතනයේ සභාපති සුල්ෆිකාර් කාදර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya