අද (16) පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
කතානායකවරයාට පක්ෂ නායකවරු සමග සාකච්ඡා කිරීමේ හැකියාව තිබුණද ඔහු ඒ කිසිවක් සිදු නොකළ බවත් ඒ නිසා මෙම තත්ත්වය වඩාත් දිග්ගැස්සුණු බවත් අමත්‍යවරයා පැවසී ය.
පාර්ලිමේන්තුවට අද අත්වෙලා තිබෙන මේ ඉරණම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අප කණගාටු වෙනවා. ආධාරකරුවන් පැමිණ පාර්ලිමේන්තුවේ කෑ ගසමින් , හූ කියමින් හැසිරුණා.මෙය කවදාවත් සිදු නොවුණ දෙයක්. තානාපති නිලධාරිනුත් නැගිටිල අත්පුඩි ගසමින් කෑ ගසමින් හැසිරුණා. මෙය බලන්න තමයි අද පාර්ලිමේන්තුවට සෙනග රැස් වෙලා තිබුණේ. බහුතරය නියම විධියට පෙන්නුවොත් ව්‍යවස්ථානුකූලව ක්‍රියා කරන බව ජනාධිපතිවරයා කියා සිටිද්දීත් මෙලෙස ක්‍රියා කිරීම පැහැදිලිවම පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය වළ දැමීම සඳහා කළ ප්‍රයත්නයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.