වැඩමුළුව 2018 නොවැම්බර් මස 29 වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB ) 3 වන මහල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
වගාකරුවන්, ගොවීන්, සැකසුම්කරුවන්, වෙළඳුන්, අපනයනකරුවන්, ආනයනකරුවන් සහ වෙනත් කාබනික ගොවිතැන ආශ්රිත ව්‍යවසායකයන් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.
කාබනික ගොවිතැනෙහි මූලධර්ම සහ ශ්‍රී ලංකාවේ විශ්වසනීය කාබනික වටිනාකම් දාමයක් සහතික කරගන්නේ කෙසේද, කාබනික ගොවිතැන සඳහා නවීන කෘෂිකාර්මික භාවිතයන්, කාබනික අපනයන කෘෂි බෝග සංවර්ධනය කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය,කාබනික ගොවිතැන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අපේක්ෂාව,දේශීය සහ ජාත්‍යන්තර සහතිකකරණ ආයතන මගින් කාබනික නිශ්පාදන සහතික කිරීම,ජාත්‍යන්තර කාබනික ප්රමිතීන් හා එහි භාවිතයට ඇති හැකියාව ආදිය වැඩමුළුව මගින් ආවරණය කෙරේ.
වැඩමුළුව සඳහා ලියාපදිංචි කිරීම ප්‍රමුඛතාවය අනුව සිදු කරනු ලැබේ. කරුණාකර පහත සඳහන් පරිදි ඔබේ විස්තරය ඊමේල් මගින් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත යොමුකළ හැකිය. වැඩිදුර තොරතුරු සඳහා මධුමාලි මෙනවිය හෝ දුලාංජලි මහත්මිය දුරකථන: 011 2300705-11 මගින් ඇමතිය හැකිය.
දේශීය වෙළඳපල සඳහා කාබනික නිෂ්පාදනයක් යනු ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද කාබනික කෘෂිකාර්මික බෝග නිෂ්පාදනයේදී හා සැකසීමේදී වන අවශ්‍යතා සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති අංක 1324 ට අනකූලව නිපදවනු ලබන නිෂ්පදිතයන්ය. විදේශ වෙළඳපල සඳහා කාබනික කෘෂිකාර්මික බෝග නිෂ්පාදනයේදී හා සැකසීමේදී අනුගමනය කරන ප්රමිතීන් වෙළඳපල අනුව වෙනස් වේ.
ශ්‍රී ලංකාව ලෝක වෙළඳපලට සහතික කරන ලද කාබනික තේ අපනයනයේ ප්රමුඛයාය. වර්තමානය වන විට අපනයන කාබනික නිෂ්පාදන පරාසය පුළුල් වී ඇත. උදාහරණ ලෙස තේ , පොල් සහ ආශ්‍රීත නිෂ්පාදන, කෝපි, කොකෝවා , ඖෂධ පැළෑටි, කුළු බඩු , පළතුරු, එළවළු, ශාකසාර තෙල් ආදිය පෙන්වා දිය හැකිය.
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තරව පිළිගත් කාබනික නිෂ්පාදන සහතිකරණයෙහි යෙදෙන ආයතන ලෙස Control Union (SKAL, Netherlands), Institute for Market Ecology - IMO, Switzerland, NASAA, Australia , Naturaland , Germany , EcoCert, Germany,Demeter and Bio Suisse, Switzerlan යන ආයතන දැකගත හැකිය.
මේ වන විට ලෝකයේ පමුඛ කාබනික අපනයන වෙළඳපලවල් ලෙස ප්රශය,කැනඩාව,එංගලන්තය ඩෙන්මාර්කය, ජර්මනිය, චීනය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ස්පාඤ්ඤය, වැනි රටවල් හදුනාගත හැකිය.
ජාතික කාබනික පාලන ඒකකය (NOCU) යනු 1979 අංක 40 දරණ අපනයන සංවර්ධන පනතේ 29 වන වගන්තියෙහි විධිවිධාන වලට අනුකූලව 2014 ජූලි 11 වන දින නිකුත් කරන ලද අංක 1870 / 71 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින්
අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ස්ථාපිත වූ ඒකකයකි. ජාතික කාබනික පාලන ඒකකය (NOCU) මගින් ශ්‍රී ලංකාව තුළ කාබනික වගාව, කාබනික ආහාර පාන නිෂ්පාදනය/ සැකසීම, අලෙවිය, රසායනාගාර පරීක්ෂණ, කාබනික නිෂ්පාදන සහතික කිරීම ආනයන හා අපනයන යන ක්රවේදයන් අධීක්ෂණය සදහා පියවර ගනු ලබයි.
ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය, සහතික කිරීම හා අලෙවියට අදාළ සියලු කටයුතු අධීක්ෂණය කරමින් ආනයන සහ අපනයනය කරනු ලබන සියලුම කාබනික නිෂ්පාදන වල විශ්වසනීයත්වය සහ සුරක්ෂිතතාවය තහවුරුකරමින් දේශීය වෙළදාමේදී මෙන්ම අන්තර්ජාතික වෙළදාමේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම මෙම ඒකකයේ මූලික පරමාර්ථයයි.
කාබනික ක්ෂේත්රයේ විවිධ කටයුතු වල නියුතු පරිණත විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක ප්‍රමිති හා තත්ව පාලන කමිටු මගින් රටෙහි කාබනික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමාලා සකස්කොට ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් කාබනික ක්ෂේත්රයේ මනා අධීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කෙරේ. තවද මෙම ඒකකය මගින් දේශීය වෙළඳපලේ නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික නිෂ්පාදන ස්ථාපනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. ජාතික වගකීමක් ලෙස මෙම ඒකකය රටෙහි අනෙකුත් කාබනික කටයුතු වලට සම්බන්ධ වන රාජ්‍ය ආයතන සමඟ එකතු වී කටයුතු කිරීම තුළින් කාබනික ක්ෂත්රයේ තිරසාර සංවර්ධනය උදෙසා කටයුතු කරනු ඇත.
ජාතික කාබනික පාලන ඒකකයේ (NOCU) ලියාපදිංචි වීම මගින් වාසි රැසක් අත්කරගත හැකිය, රජයේ කාබනික පාලන ඒකකය මගින් ලියාපදිංචි අංකයක් ලැබීම තුලින් පාරිභෝගික විශ්වාසය දිනා ගැනීම, කාබනික නාමය අපනයන කෘෂිකර්මයේදී අගය එකතු කරන ලද නිෂ්පාදිතයක් බවට පත් කිරීම, නියම කාබනික නිෂ්පාදනකරුවා වෙළඳපළේදී හඳුනා ගැනීමට මෙන්ම ආරක්ෂාකර ගැනීමට හැකිවීම රජයේ කාබනික ලියාපදිංචි සලකුණ භාවිතා කිරීමට හැකිවීමෙන් පාරිභෝගික විශ්වසනීයත්වය තහවුරු වීම තුළින් අලෙවිකරණය වර්ධනය කර ගැනීමට හැකිවීම, ඒ අතරින් වැදගත්ය.
ශී‍්‍ර ලංකාවේද දැනට කාබනික එළවළු, කාබනික කුළුබඩු, කාබනික තේ සුළු පරිමාණයෙන් අපනයනය සිදු කරනු ලබයි. ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ කාබනික ගොවිතැන දියුණු කිරීමට විශාල විභවයක් ඇති අතර දැනට මේ සම්බන්ධයෙන්උද්යෝගයක් ඇතිවෙමින් පවතී.