මෙම ව්‍යාපෘතිය 2005 වසරේ සිට ක්‍රියාත්මක වන්නේ ද ජර්මානු ෆෙඩරල් ජනරජයේ තාක්ෂණික ප්‍රදානයන් යටතේ ය. ඒ සඳහා එරට විසින් යූරෝ මිලියන 15.8ක ප්‍රදානයක් ලබාදී තිබුණි.
ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ලබාගැනීමට යන යූරෝ 250000ප්රදානය ලබාගැනීම පිණිස හුවමාරු පත්‍ර අත්සන් කිරීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.