මෙම වැඩපිළිවෙල යටතේ බඩ ඉරිගු ගොවීන්ට සහන පොළී අනුපාත යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
දේශගුණික හා විවිධ හේතුන් නිසා දේශීය බඩ ඉරිඟු නිෂ්පාදය, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාළීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බඩ ඉරිඟු ආනයනය කිරීම පසුගිය කාල පරිච්ඡේදය පුරාවට සිදුවී තිබේ.
එබැවින් දේශීය බඩඉරුඟු නිෂ්පාදනය වැඩි කිරිම තුළින් ආනයනය අවම නිෂ්පාදනය වැඩි කිරීම තුළින් ආනයනය අවම කිරීම හරහා පිරටටට ඇදී යන විදේශ විනිමය අවම කර ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වෙයි.