කතානයක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙ.ව.10.30ට ආරම්භ වූ අතර එහිදී කතානායකවරයා ප්‍රකාශ සිටියේ, පක්ෂ නායක රැස්වීමේ දී තේරීම් කරක සභාව සඳහා නියෝජිතයන් පත් කිරීම පිළිබඳ කිසිදු එකඟතාවයකට එළඹීමට නොහැකි වූ බවය. එය සභාවේ දී තීරණය කළ යුතු බව පැවසූ අතර ඒ අනුව කතානායකවරයා විසින් තේරිම්කාරක සභාව වෙත නම් කළ මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් කළේ ය.
තේරීම්කාරක සභාව සඳහා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුපක්ෂයට හිමි විය යුතු බව සභානායක ,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ අතර කතානයකවරයාගේ ප්‍රකාශය පිළිනොගන්නා බව පැවසීය.
ආණඩුව ඉදිරියට කටයුතු කරන බව කී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,පාර්ලිමේන්තු කටයුතු උල්ලංඝණය නොකොට කටයුතු කළ යුතු බව පැවසීය.
ඉන් අනතුරුව සභාවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඉවත්ව යන ආකාරය දක්නට ලබුණි. විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ රැදී සිටියේ ය.
''අද පාර්ලිමේන්තුව වර්ජනය කළා කතානයකවරයාගේ ක්‍රියාවට එරෙහිව. ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග කඩකරමින් කටයුතු කරන කතානයකවරයාට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් අප අද පාර්ලිමේන්තුවේ සිදු කළේ''
යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.
පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සාමාජිකයින් පත් කිරීම සඳහා ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට ඡන්දයක් ගණනය කිරීමට කථානායකවරයා විසින් තීරණය කරනු ලැබීය.