ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

    නොවැම්බර් 23, 2018

    දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිරයයි. උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇති විය හැක අතර උතුරු-මැද සහ ඌවපළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya