අමාත්‍යවරයා අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.
ඉතාම කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව තුළ උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළුව සමස්ත රට ආවරණය වන පරිදි අපනයන සැකසුම් සහ අපනයන සේවා සපයන ගම්මාන 5000ක් ඇති කරන්න උපදෙස් ලබාදී තිබෙනවා.
ගම ඇතුළු අපනයන ව්‍යවසායකයින් පිරිසක් බිහි කරනවා. කුළී ගොවියන් නොවේ බිහි කරන්නේ. ගැමියන්ගේ දායකත්වය වැඩි නවීකරණය වූ සමාගමක් ගම තුළ සකස් වෙනවා. අපනයන වෙලඳපොළට ගම සම්බන්ධ වන වැඩපිළිවෙලක් ඒ අනුව සකස් වෙනවා. ගම සෘජුව අපනයන වෙළඳපොළට අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් සකස් කිරීම සඳහා උපදෙස් ලබාදී තිබෙන බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.