ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    වර්තමාන අර්බුදයට කෙටි කාලීන විසදුම මහ මැතිවරණයක් පැවැත්වීමයි - ප්‍රජාතාන්ත්‍රික එකමුතුව කියයි

    නොවැම්බර් 28, 2018

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති අර්බුදයට ඇති කෙටි කාලීන විසදුම වන්නේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යාම බව ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ කැදවුම්කරු හා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දම්ම දිසානායක පවසයි.

    ප්‍රජාතාන්ත්‍රික එකමුතුව’ සංවිධානය මගින් මහවැලි කේන්ද්‍රයේ අද (28) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළ ඒ මහතා, රටේ අර්බුදයට දිගු කාලීන විසදුමක් දීමට නම් දැනට තිබෙන 1978 ව්‍යවස්ථාව වෙනුවට ජනතාවගේ මැදිහත් වීමෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවද පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ මාධ්‍යවේදී හා දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමති ආණ්ඩුවක් පත්කර ගැනීමට අවස්ථාව දිය යුතු බව කීය.

    බලයට පත් සෑම ආණ්ඩුවක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ට ඕනෑ විදියට වෙනස් කොට ඇති බවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසර හතරකුත් මාස හයක් ගතවන තුරු නොහැකි බවට පනවා ඇති වගන්තියෙන් මහජනතාවගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

    ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ සභාපති අරුණ ප්‍රදීප් කුමාර මහතා, තම සංවිධානයේ අරමුණ ඡන්දදායකයින්ගේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම බව කීය. එමගින් යහපත් පුද්ගලයින් ඡන්ද නියෝජිත ආයතන වලට තෝරා යැවිය හැකි බවද ඔහු පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya