පුළුල් පරාසයක පැතිරුණු භාණ්ඩ හා සේවා ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවක් ඇතුළත්වන මෙම ප්‍රදර්ශනයට චීනය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක වෙළෙද ආයතන සහභාගීවන බව යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති වී.කේ. විග්නේෂ් මහතා ප්‍රදර්ශනය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
නිෂ්පාදන සේවා රාශියක් එක තැනකදී දැකබලා ගැනීමේ හැකියාව උතුරු පළාත් ජනතාවට ලබා දෙන මෙම ප්‍රදර්ශනය මගින් ඕනෑම ව්‍යාපාර ක්ෂේත්‍රයක ප්‍රමුඛ පෙළේ තරගකරුවන් සමග කරට කර සිටිමින් තම නිෂ්පාදන හා සේවා උතුරු පළාතට හදුන්වා දීමට නිෂ්පාදකයින්ට අවස්ථාව සැලසෙන බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආසිම් මුක්තාර් මහතා කීය. මෙම ප්‍රදර්ශනයට 2500කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙන අතර ඒවා වට්ටම් සහිතව අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව ද ඔහු පැවසීය.