කෘෂිකර්ම ප්‍රදර්ශනය පැවති දින තුනේම පෙ.ව. 8.00 සිට ප.ව.6.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව තැබිණි.
ගැමි ගෙවත්ත, නාගරික ගෙවත්ත හා හේන, නවීන කෘෂි යාන්ත්‍රීකරණය, විසිතුරු මත්ස්‍ය වගාව හා ආහාර තාක්ෂණය, සත්ත්ව පාලනය, නිර්පාංශු වගාව, මී මැසි පාලනය, බිම් මල් වගාව, රෝග සායන ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ ගණනාවක් මෙහිදී දැකගත හැකි විය.
5 වසර ළමුන් සඳහා වෙන් වූ විශේෂ අධ්‍යාපන කලාපයේ දී ගොවි ගෙදර හා මෙවලම්, හේන හා පැල, කමත හා කුඹුර, කුඹල් කර්මාන්තය, කම්මල් කර්මාන්තය, වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය, වැව හා ධීවර කර්මාන්තය ආදිය හා සම්බන්ධ දැනුම ලබා ගත හැකි විය.
කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරීන් එක් වී සිටි අතර දින තුන පුරාවට විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක් වී සිටියහ.