ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    අතුරු තහනම් නියෝගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දෙසැම්බර් 03, 2018

    අගමැති ධුරය සහ අමාත්‍ය මණ්ඩලයට කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් හෙට (04) දින ශ්‍රේෂ්ඨධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    මාධ්‍ය නිවේදනය

    කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට අපි එකඟ නොවන්නෙමු. එයට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී අපි කටයුතු කරමින් සිටින්නෙමු.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාල අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.

    රටෙහි දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම්, මහමැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙල වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය වන බැවින් ඒ සඳහා කැපවන ලෙස ද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

    මව්බිමට ඇති ආදරය ද, නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවය ද පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව, ධෛර්ය සම්පන්නව සහ වගකීම් සහගතව ඔබ ඔබගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

     

    මහින්ද රාජපක්‍ෂ

    amhida

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya