ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    වනරෝපා වැඩසටහන- හම්බන්තොට නාගරික ප්‍රදේශයේ සිදු කරයි

    දෙසැම්බර් 06, 2018

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනරෝපා වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශතුළ පැළ සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කෙරිණි.

    දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සිරිබෝපුර ගුවන්පාලම අසල සිට සියලු මාර්ග දෙපස පැල සිටුවීමට කටයුතු සංවිධානය කර තිබිණි.

    ඒසදහා සියලු රාජ්‍ය ආයතන වෙත වගා කටයුතු සිදු කිරීමට භූමි ප්‍රදේශ වෙන්කර ලබාදී තිබිණි.මේ සදහා අවශ්‍ය කරන සියලු පැළ ලබාදීම වනසංරක්ෂන දෙපාර්තමේන්තුව මගින් සිදුකළ අතර දිස්ත්‍රික්කයේ දේශගුණයට ඔරොත්තු දෙන වන ග්‍රහනයට සරිලන පැළ ලබාදුනි.


    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. මහ නගර සභාව. රාජ්‍ය දැව සංස්ථාව.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.ගොවිජනසේවා දෙපාර්තමේන්තුව. ලුණු සංස්ථාව.ත්‍රිවිධ හමුදා කදවුරු,පොලීසිය,සිවිල් ආරක්ෂක බලකාය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයත රාශියක් වෙත මෙහි නඩත්තු කටයුතු පවරා ඇත.

    මෙම පැළ සිටුවීමේ උත්සව අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර, අතිරේක දිස්ත්‍රික් ලේකම් සී.ඒ.සුනෙත් ලෝචන,ප්‍රාදේශීය ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ආර්.ඒ.සමන් ප්‍රේමලාල් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය-හම්බන්තොට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya