මෙම අධිෂ්ඨාන පූජාවට සහභාගී වීම සඳහා සිව් දිගින් වැඩම කළ සංඝයා වහන්සේලා, කොළඹ විජේරාම මාවතේ පිහිටි සම්බෝධි විහාරස්ථානයේ සිට පාගමනින් නිදහස් ශාලාව වෙත වැඩම කළහ.
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ රැස්ව සිටි පිරිස පංච ශීලයේ පිහිට වූ අතර සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පිළිගැනීමේ කතාව පැවැත්වූහ. මේ අවස්ථාවට බෞද්ධ සංවිධාන රැසක් ද එක්ව සිටියහ.