මෙහි එක් වැඩසටහනක් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උහපිටිගොඩ ග්‍රාම නිලධාරි වසම මුලික කරගනිමින් ගං වතුර,ඩෙංගු උපද්‍රවයන් ඇතිවිය හැකි ස්ථාන හදුනාගනිමින් ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විය.
එම වැඩසටහන සදහා දකුණු පළාත් සභාවේ ගරු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා’ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී තුමන්ලා සහ මන්ත්‍රී තුමියන්ලා’ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්’ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින්’ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරින්’ ග්‍රාමීය ප්‍රජාව මේ සඳහා සහභාගී විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය-හම්බන්තොට