ඓතිහාසික කන්දේ විහාර ඉතිහාසයේ ස්වර්ණමය අවධිය හොබවාලු සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ කථතර දිස්ත්‍රික්කයේ හා ඛෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගේෂ්වරාචාර්ය ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූයේ ය.
උන්වහන්සේ ගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කන්දේ විහාරය වෙත ඊයේ (07) රාත්‍රියේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )