ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    නිවාඩු සමයේ සත්ත්ව උද්‍යානයේ සංදර්ශන මාලාවක් - අධ්‍යාපනික දනුම වර්ධනයට මූලික තැනක්

    දෙසැම්බර් 10, 2018

    පාසැල් නිවාඩු සමයේ විනෝද චාරිකාවල යෙදෙන දරුවන්ගේ සහ ජනතාව වෙනුවෙන් විශේෂ සංදර්ශන මාලාවක් පැවැත්වීමට ජාතික සත්වෝද්‍යාන උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් යොදා ඇත

    .විශේෂ අධ්‍යාපන වැඩසටහන් රාශියක්ද මේ යටතේ පැවැත්වීමට නියමිත බව බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පවසයි.

    පාසල් නිවාඩු සමයේ විශේෂ සත්ත්ව දර්ශන ලෙස දිනපතාම පස්වරු 4.00 ට මුහුදුසිංහ සංදර්ශනය හා පස්වරු 4.30 ට අලි සෙල්ලම් සංදර්ශනය පවත්වයි. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා පස්වරු 3.00 ට කුරුලු සංදර්ශනයක් ද, සෙනසුරාදා, ඉරිදා ප.ව.3.30 ට සර්පයින් පිළිබද සංදර්ශනයක් ද පැවැත්වේ. ඒ අනුව දරුවන්ගේ විනෝදය උදෙසා මෙවැනි සත්ත්ව සංදර්ශන මගින් හැකියාව වඩාත් සක්‍රීයව ලැබෙන බව ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

    සතුන් පිළිබද ව පාසල් දරුවන්ගේ විනෝදය පමණක් නොව අධ්‍යාපනික දැනුම වැඩි කිරීමේ අරමුණින් ද වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකය. මෙම අධ්‍යාපනික වැඩසටහන් පවත්වනු ලබන්නේ සත්ත්වෝද්‍යානයේ අධ්‍යාපනික සංගමය විසින් හා තරුණ සත්ත්වවේදී සංගමය විසිනි. මෙයට අමතර ව තරුණ සත්ත්වේදී සංගමය විසින් නරඹන්නන් වෙනුවෙන් හීලෑ කරන ලද සතුන් අතින් ඇල්ලීමට ද අවස්ථාව ලබා දෙමින්ද නරඹන්නන්ගේ විනෝදය තවත් වැඩි කර තිබේ.

    වර්තමානය වන විට නවතම සේවාවක් ලෙස නරඹන්නන් උදෙසා මගීරථ සේවාවක් ද ක්‍රියාත්මකය. විදුලි කාර් භාවිත කරමින් සත්ත්වෝද්‍යානය පුරාම නැරඹීම සිදු කර ගත හැකි අතර ඒ සදහා මුදල් අය කිරීමක් කරනු ලබයි. අදවන විට පැරණි සත්ත්ව කූඩු ඉවත් කරමින් සත්ත්ව සුභසාධනය ත්‍රීව්‍රකර තිබේ. නවතම සත්ත්ව අරණක සතුන් සුරක්ෂිත කර ඇති අතර පහසුවෙන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට ද අවස්ථාව පුඑල් කර ඇත.

    මෙම පහසුකම් යටතේ ඊයේ දිනයවන විට වෙනදාට වඩා නරඹන්නන්ගේ වර්ධනයක් දැක ගත හැකි වී තිබේ. මෙය තව දුරටත් මෙම මස තුන්වන සතිය පමණවන විට තවත් ඉස්මතු වී පෙනෙන බව ද සත්ත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya