ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතන සදහා බල ශක්ති කළමණාකරණ හා පුනර්ජනනීය බල ශක්ති භාවිතය පිළිබද වැඩමුළුවක්

    දෙසැම්බර් 10, 2018

    රාජ්‍ය ආයතනවල බල ශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවිමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ කෑගලු දිස්ත්‍රික් වැඩ සටහන අද දින (10) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

    බල ශක්ති සංරක්ෂණය, කාර්යක්ෂම භාවිතය හා පුනර්ජනනීය බල ශක්තින් ප්‍රවර්ධනය හා භාවිතයට ගැනීම රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස වර්තමානය වන අතර මැතකදි රජය විසින් අත්සන් තබනු ලැබු cop 21 ගිවිසුමට අනුව හරිතාගාර විමෝචනය අඩු කිරිමද ප්‍රධාන අවශ්‍යතාවයක්ව පවති. මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමේ ප්‍රධාන වගකිම ශ්‍රි ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියට පැවරී තිබේ.


    රාජ්‍ය ආයතනයන්හි බල ශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවිමේ අරමුණින් 2015 ඔක්තෙම්බර් 06 දිනැති අංක SP/PCMD/6/2015 දරණ චක්‍රලේකයට අනුව සියළුම රාජ්‍ය ආයතන වල බල ශක්ති කළමනාකරණ නිලධාරියකු පත්කල යුතු අතර එම නිළධාරියා තම ආයකනයේ බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කිරිම සදහා මැදිහත් විය යුතුය.


    මේ අවස්ථාව සදහා කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මිය, ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බල ශක්ති අධිකාරියේ කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ කේ. එස්. කිත්සිරි මහතා, දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම්වරුන් , රාජ්‍ය ආයතන ප්‍රධානින් , පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya