බීමත් රියදුරන් හේතුවෙන් පසුගිය දිනවල ඇති වූ මාරාන්තික රිය අනතුරු සම්බන්ධයෙන් පොලීසිය ගන්නා කඩිනම් පියවර පිළිබඳව කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.
පොලීසිය විසින් හදිසි වැටලීම් සිදු කරන බව කී රුවන් ගුණසේකර මහතා, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමත්, වැටලීම් සිදු කිරීමත් මේවන විට ක්‍රියාත්මක බව කීය. අධිකරණයේ දී මෙම රියදුරන් වැරදිකරු වුවහොත් රියදුරු බලපත්‍රය යම් කාලයකට අත්හිටවනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
ශ්‍රි ලංකා පොලීසිය අනතුරු සිදු විමට බලපාන හේතූන් ලෙස පෙන්වා දෙන්නේ, අධික වේගයෙන් රිය පැදවීමත්, බීමත්ව රිය පැදවීමත් හා අපරික්ෂකරීව රිය පැදවීමත් ය. රිය අනතුරු නිසා දිනකට පුද්ගලයන් අටදෙනෙකු පමණ මිය යන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, බීමත්ව රිය පදවන්නන් උදෙසා කඩිනම් නීතිමය ක්‍රියා මාර්ග යුහුසුළුව ගන්නා බව ප්‍රකාශ කළේ ය.
මාර්ගවල සිදුවන අනතුරුවලට බොහෝ ලෙස ලක් වන්නේ ත්‍රීරෝදරථ රියදුරන් හා යතුරුපැදිකරුවන් ය. මේනිසා සිදුවන පුද්ගල හානි අධික වේ. ශ්‍රි ලංකාව තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ රථවාහන අධික වුවද ඊට සාපේක්ෂව මාර්ග පද්ධතියෙහි දියුණුවක් දැකගත නොහැකිය. රිය අනතුරු වළක්වා ගැනීමට, අධික ලෙස බීමත් රියදුරන් හා මාර්ග නීති නොසලකා හරින්නන් උදෙසා විශේෂ මෙහෙයුම් ශ්‍රි ලංකා පොලීසිය විසින් සිදු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා ද මාර්ග අනතුරු සම්බන්ධයෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේය.