මැයි 21, 2025
tami eng youtube  twitter facebook

    වී අස්වනු නෙළීමේදී සිදුවන ආපදා වළක්වා ගැනීමට දැනුවත් කිරීමක්

    දෙසැම්බර් 11, 2018

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගාවේ අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග අස්වනු නෙලීම සදහා යොදා ගන්නා යන්ත්‍ර සුත්‍ර වලින් දරුවන්ට ගොවි මහතුන්ට, කාන්තාවන්ට හා විවිධ ජන කොටස්වලට සිදුවන ආපදා වළක්වා ගැනීම සදහා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් ආරම්භ කර ක්‍රියාත්මක කෙරිණි.

    පසුගිය වර්ෂවල සිදුවූ එවැනි ආපදා පිළිබද වාර්තා සැලකිල්ලට ගෙන ගොවිජනතාව විසින් කරන ලද ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන මෙම වැඩ සටහන ආරම්භ සිදුවිය.

    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ ඒකකය හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ස්කොඩ්‍රන් ලීඩර් ඩී.එල්.එන්.ජී.බෙන්තර ආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් එම ඒකකයේ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ යන්ත්‍ර සුත්‍රවලින් විසකුරු සතුන්ගෙන්, අකුණුසැර වලින් ආපදා සිදුවන අතර ඒවා වලක්වා ගැනීම ඒ සදහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ඒ සඳහා නායකත්වය ලබාදීම ඇතැම් විවිධ කේෂ්ත්‍රයන් ඔස්සේ දැනුවත් කිරීම් සිදු කෙරිණි.

     මේ යටතේ ප්‍රධාන දැනුවත් කිරීමේ වැඩසටහන් 03 ක් මුරුතවෙල ව්‍යාපාරයේ ජනතාව සඳහා වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද ලියන්ගස්තොට හා රිදියගම ව්‍යාපාරයේ ජනතාව සඳහා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද වැඩසටහන් සිදුකල අතර පන්සියයක පමණ පිරිසක් එක්විය.මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජී.සී.ඒ.ගුණවර්ධන මහත්මිය ව්‍යාපාර කළමනාකරු කේ.ජයසිංහ මහතා හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරීන් සහභාගී විය.මෙම වැඩ සටහන සාර්ථකව සිදු කිරීම පිලිබදව සියලු දෙනාටම ගොවි සංවිධාන විසින් කෘතඤතාව පල කෙරිණි.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -හම්බන්තොට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya