පීඩන අවපාතය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මස 15 වනදා වන විට තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ. ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. කෙසේවෙතත් නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රිකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක්තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය කි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි.