මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව විසුරුවහැරීමේ පෙත්සම් විභාගය - තීන්දුව ප්‍රකාශ කරයි

    දෙසැම්බර් 13, 2018

    වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලයක් නොමැති බවත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුව හරින්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තක යෝජනාවක් සම්මත විය යුතු බවත්  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර  තිබේ.

    පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම්  පෙත්සම් 13 විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 ප්‍රකාශයට පත් කළේ ය

    අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද අබෘ, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත්  මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඉදිරියේ  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

    නොවැම්බර් මස 12 සහ 13 යන දෙදින තුළ අදාල පෙත්සම් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ සලකා බැලුණි. ඉන්පසුව  පෙත්සම් විභාග කිරීම දෙසැම්බර් 04, 05, 06 යන දිනයන් හිදී සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කළේ ය. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

    පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya