ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    බඩඉරිගු වගාවට දළඹු ප්‍රහාරයක් නම් 1920 හදිසි දුරකතන අංකයකයට අමතන්න

    දෙසැම්බර් 16, 2018

    සේනා දළඹුවා බඩ ඉරිගු වගාවට හෝ වෙනත් කෘෂි බෝගවලට හානි කර ඇත්නම් ඒ පිළිබඳව හැකි ඉක්මනින් ''ගොවි සහන සරණ සේවය 1920 දුරකතන අංකය අමතා ගොවි ජනතාවට අවශ්‍ය සහාය ලබාගත හැකි බව  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    සේනා දළඹුවාගේ හානිය කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මෙසේ හඳුනාගෙන ඇත. බඩ ඉරිගු පත්‍රවල මුලින් ම  සිදුරක්,සිදුරු අතු බෙදන ආකාරයට පැතිරේ,ලපටි කරල් මදින් වුවත් කාදමයි.

    හිසේ වයි (Y) අකුර හැඩයේ සළකුණක්, දේහය පුරා බිබිලි සළකුණු,අවසන් දේහ ඛණ්ඩයේ බිබිලි හතරක කොටුවක මුළු හතර සළකුණු සේනා දළඹුවා හඳුනාගැනීමේ සළකුණු වෙයි.

    සේනා දළඹුවාගේ හානිය දුටුවහොත් පළාතේ කෘෂි කර්ම උපදේශකවරයා වෙත දැනුම් දෙන ලෙස ගොවි  ජනතාවගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya