ශ්‍රවණාගාරය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමට අදාළ ලිපි ලේඛන මෙහිදී චීන තානාපති චෙං ෂූඈන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. දියතලාව යුධ හමුදා විද්‍යා පිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, යන මහත්වරුන් සහ ති්‍රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සම්භාවනීය අමුත්තන් සහ විසර ගිය කැඩෙට් නිලධාරින්ගේ දෙමාපියන් ඥාතින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )