ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    “පේතායි ” සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

    දෙසැම්බර් 16, 2018

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක්( “පේතායි ”) දක්වා වර්ධනයවී දෙසැම්බර් මස 16 දින පෙ.ව. 01.30 වන විට උතුරු අක්ෂාංශ 11.0 සහ නැගෙනහිර දේශාංශ 84.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 465 ක් පමණ නැගෙණහිරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ. මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරන බවද නිකුත් කර ඇති කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    අද (16) දිනයේදී මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලධිවර සහ නාවුක කටයුතුවලින් වලකින ලෙස උපදෙස් දෙනු ලැබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya