ඒ මහතා මෙසේ පැවසුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඊයේ (16) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී ය.
මෙහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා, විවිධ ආවේගශීලී අවස්ථාවල දේශපාලන උණුසුමත් සමඟ අපෙන් සහ අනෙකුත් පාර්ශ්වවලින් විවිධ උණුසුම් වචන පිටවූ නමුත් කිසිම අවස්ථාවක ජනාධිපතිතුමා හිරේ දමන්නවත්,ශාරීරික හානි කරන්නවත්, එතුමාගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ට හානි කරන්නටවත් අපේ පාර්ශ්වයේ කිසිම බලාපොරොත්තුවක් නැති බවද කීය.
එසේම ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත්, එවැන්නක් ගැන සාකච්ඡා නොකළ බවත් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.