ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    අක්ෂිදානයට දායක වූ මගේ දෙමාපියන්ගේ නෙත් යුග තවමත් ජීවමානයි-කථානායක

    දෙසැම්බර් 19, 2018

    නෙත් යුගල දන් දෙමින් අක්ෂිදාන ව්‍යාපාරයට දායක වූ ස්වකීය දෙමාපියන් මෙලොවින් සමු ගත්ත ද එම අයගේ නෙත් තුළින් තවත් දෙදෙනෙකු මෙලොව දකින බවත් ඔවුන් මෙන්ම තමාද නෙත් යුග දන්දීම සඳහා මින් බොහෝ කලකට පෙර අක්ෂිදාන ව්‍යාපාරයත් සමඟ ගිවිසුමකින් බැඳුණු බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසිය.

    කවර පසුබෑම් තිබුණද ඇස්, ලේ ශරීරකොටස් දන්දීමට ශ්‍රී ලාංකිකයන් ලෙස දක්වන උනන්දුව ශ්‍රී ලාංකිකයන් උතුම් ජාතියක් ලෙස ලෝකයේ මුදුන් හිනිපෙත්තටම ඔසවා තබන බවද කථානායකවරයා පැවසිය.

    කථානායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සංවිධානය කල ජාතික අක්ෂිදාන දින සැමරුම් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

    ඇස්, ලේ, වකුගඩු ශරිරයේ අනෙකුත් කොටස් දන්දීමට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් දන්දීමේ ව්‍යාපාරයක් ද පිළිකා රෝගයෙන් මියගිය සිය දියණිය නමින් ආරම්භ කල අතර, එයට ලැබුණ ප්‍රතිචාර සහ දායකකත්වය පුදුමාකර බවද එතුලින් ශ්‍රී ලාංකිකයන් තුල තිබෙන උතුම් පරිත්‍යාගශිලි බව තමාට වඩාත් සමීපව දැනුනු බවද කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya