මැයි 22, 2025
tami eng youtube  twitter facebook

    යුද්ධ හමුදාව ඉඩම් අක්කර 23773.62 ක් නිදහස් කරයි

    දෙසැම්බර් 19, 2018

    ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට අයත් ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිල වශයෙන් නිදහස් කරනු ලබන අතර යුද්ධය අවසන්වීමත් සමග 2009 මැයි මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල ඉඩම් අක්කර 23773.62 ක ප්‍රමාණයක් ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කරන ලද බව යුද හමුදාව පවසයි.

    ඒ අනුව, 2009 මැයි මස සිට 2018 නොවැම්බර් මස දක්වා කාලය තුල මෙලෙස නිදහස් කරන ලද පෞද්ගලික ඉඩම් අක්කර 23773.62 ක් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත ලබා දී ඇත. එමෙන්ම, වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් 2016 ජනවාරි මස සිට 2017 මාර්තු මස දක්වා කාලය තුල යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කරන අතරතුර මෙම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

    තවද, උතුරු සහ නැගෙනහිර පළාත්වල රජයේ ඉඩම් අක්කර 45980.97 ක ප්‍රමාණයකින් මේ වන විට පෞද්ගලික ඉඩම් අක්කර 23773.62 නිදහස් කර ඇත. මේ සඳහා විශාල වශයෙන් සැලකිලිමත් වන හමුදාව තවදුරටත් ඉඩම් නිදහස් කිරීම පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ කාර්යය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලබයි.

    SL Army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya