ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ භූගෝලීය නාම ප්‍රමිතිකරණය කෙරේ

    දෙසැම්බර් 19, 2018

    ශ්‍රී ලංකාවේ භූගෝලීය නාම ප්‍රමිතිකරණය කිරීමේ වැඩ සටහනක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට ඇත.

    ජාතික හා අන්තර්ජාතික මට්ටමේ කටයුතුවලදී මෙන්ම රාජකාරීමය, පරිපාලනමය හා විද්‍යාත්මක හා නීතීමය කටයුතු වලදී භූගෝලිය නාම භාවිතා කරනවා. මෙහිදී ඇතිවෙන ගැටළු අවම කර ගැනීම සඳහා මෙම භූගෝලිය නාම ප්‍රමිතිකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බව මිනින්දොරු ජනරාල් පී.එම්.පී.උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ යටතේ ග්‍රාම නාම,පරිපාලන ඒකක නාම, ස්ථාන නාම,මාර්ග නාම හා මංසන්ධිවල නාම, පුරාවිද්‍යා ස්ථාන,පන්සල්,පල්ලි,කෝවිල් නාම,ඇළ,දොළ,ගංගා,කලපු,වරාය,වේලි,දූපත් ආදියේ නාම කඳු,ගල්ගුහා,තැන්න,සානුව යනාදී ස්වාභාවික ස්ථාන නාම, පාසල් හා වෙනත් විශේෂිත ස්ථාන නාම ඇතැම් නම් තුන්ලක්ෂයක් පමණ ප්‍රමිතිකරණයට යොමු කොට ඇති බවද උදයකාන්ත මහතා කීය.

    ප්‍රමිතිකරණයට යොමු කොට ඇති නම් පිළිබඳව මේ වන විට ප්‍රාදේශීය ලේකම් වරුන්ගෙන් අදහස් ලබාගෙන ඇත. මේ සඳහා ජනවාරි මාසයේ සිට මහජනයාගේ අදහස් ලබාගැනීමට කටයුතු කෙරේ.

    මහජනතාවගෙන් ලැබෙන අදහස් , යෝජනා හා සංශෝධනද සැළකිල්ලට ගෙන ප්‍රමිතිකරණය කරන භූගෝලීය නාම සඳහා නිසි අනුමැතිය ලබා ගැනීමෙන් පසු සිංහළ හා දෙමළ භාෂා වලින් ප්‍රසද්ධ කරනු ඇත.

    මේ සඳහා උනන්දුවක් දක්වන මහජනතාවට www.geonames.gov.lk යන වෙබ්අඩවියෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya