ඒ අනුව ගම්මානයේ සමෘද්ධි ලිඳ පිළිසකර කිරීම සිදු කෙරෙන අතර මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රු. 2.40.000 කි. ග්‍රාමශක්ති ජනතා සමිතිය මූලික කර ගනිමින් මෙහි සියළු ඉදිකිරීම් කටයුතු සිදුකරන්නේ වසමේ ප්‍රජාව විසින්ම වීම විශේෂත්වයකි. ඒ අනුව භාණ්ඩ මිලට ගැනීමේ සිට සියළු ඉදිරි කටයුතු ග්‍රාමශක්ති ප්‍රජා සමිතියේ මැදිහත්වීමෙන් සිදුකෙරෙනු ඇත.
මෙම ලිඳ පිළිසකර කිරීමෙන් අනතුරුව ගම්මානයේ පවුල් 80 ක ජල පරිභෝජන අවශ්‍යතා සඳහා යොදාගත හැකි වේ.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, කෑගල්ල දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ අනෝමා විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහ දික්ඇල්ල වසමේ ග්‍රාමශක්ති ජනතා සමිියේ සාමාජිකයින් ඇතුළු ගම්මාවසීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
ග්‍රාමශක්ති වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට රු.මි 33 ක ප්‍රතිපාදන හිමිව තිබේ.
DMU/Kagalla