මහනුවර දිසාපති ඩී.එම්.එන්.පී.ජී තිස්ස කරුණාරත්න මහතා ප්‍රමුඛ රජයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයේදී අසමෝදගම්යාය දකුණ ඉවුර ඇල මර්ගය සහ එහි පැති වේලි කොන්ක්‍රිට් කිරීමේ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.
ග්‍රාම ශක්ති වැඩසටහන සදහා 2018 වසර වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය වෙත රුපියල් මිලියන 68 කට ආසන්න මුදලක් වෙන් කොට තිබේ. ඒ අතරින් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා රුපියල් මිලියන තුනහාමරකට වැඩි මුදලක් වෙන් කොට තිබෙන අතර, අසමෝදගම්යාය දකුණු ඉවුරු ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නේ යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේය.
DMU/Kandy